අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා

wasudeewaපළාත් පාලන මැතිවරණය නොයෙක් හේතු පවසමින් රජය කල් දමමින් සිටින අතර එය ඉවසා ගැනීමේ සීමාවක් පවතින බව ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අද(17) පැවති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

පසුගිය දා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මැඳුරේ පැවති පක්ෂ නායක හමුවීමට ඒකාබද්ධ විපක්ෂය හා තමා සහභාගී නොවු බවත් එසේ සහභාගී නොවුයේ පළාත් පාලන මැතිවරණ කල් දැමීමේ අරමුණින් එම සාකච්ඡා පැවති නිසා බව ද වාසුදේව මහතා මෙහිදී කියා සිටියේය.

කෙසේ හෝ වැඩිකල් ගත වීමට පෙර මැතිවරණ කාර්යාලය කෞතුකාගාරයක් වන බවත්, ඡන්දය නොපැවැත්වීම තුළින් පළාත් පාලන ආයතන කඩා වැටී ඇති බවත්,ඉදිරියේ දී ආණ්ඩුවට දැනෙන බලපෑමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *