අරුන්දික ධුරයෙන් නෙරපයි

ආණ්ඩුව වහාම ගෙදර යැවීමට කටයුතු කරන බව ධුරයෙන් ඉවත් කරනු ලැබූ සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා %අද^ ට පැවසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා එම ධුරයෙන් අද(12දා) ඉවත්කරනු ලැබිණි.

ශී‍්‍ර ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46(3)(අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිට පැවරී ඇති බලතල අනුව මෙම ඉවත්කිරීම සිදුකර තිබේ.

තම  ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රදේශයේ ජනතාවගෙන් විමසා තීරණයක් ගන්නා බවත්, කෙසේ වුවද ආණ්ඩුව ගෙදරයැවීමේ වැඩපිළිවෙළ තුළ දිගින් දිගටම කටයුතු කරන බවත් අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කීවේය.

“මාව අමාත්‍යධුරයෙන් ඉවත් කළ බව සඳහන් කරමින් ජනාධිපතිතුමා අත්සන් කරපු ලියුම මගේ අතටම ලැබුණා.

මගේ ඉදිරි දේශපාලන කටයුතු කොහොමද වෙන්නේ කියලා මට ඡන්දෙ දුන්නු ජනතාවගෙන් විමසලා ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නවා.

කොහොම වුණත් ඉදිරියේදී මේ ආණ්ඩුව ගෙදරයවන්න වැඩකරනවා. මේ ආණ්ඩුව ජනතාවට විරුද්ධ ආණ්ඩුවක්. ජනතාවගේ මතයට, ජනතාවට විරුද්ධ ආණ්ඩුක් කියලයි මම හිතන්නේ. එහෙම ආණ්ඩුවක් පෙරළන්න වැඩකටයුතු කරන්න අවශ්‍යයි.

පාර්ලිමේන්තුවේ අසුන්ගන්න ආකාරය පාර්ලිමේන්තුවට ගිහින් බැලුවට පස්සෙ මම තීරණය කරනවා.

ඒකාබද්ධ විපක්ෂය කියන්නෙත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ එක කොටසක්. ඉදිරිකාලයේ අපි සේරම එකතුවෙලා වැඩකටයුතු කරයි. අපි ශ්‍රීලංකා නිදහස් පක්ෂය තුළ ඉන්නවා, ඒකාබද්ධයට එකතුවෙන්නත් පුළුවන්* යැයි ඔහු කීය.

අරුන්දික ප්‍රනාන්දු මහතා නියෝජ්‍ය ඇමත්‍ය ධුරයෙන් ඉවත්කරනු ලැබ ඇත්තේ රජයේ ඇමතිවරයෙකු වශයෙන් අනුගමනය කළ යුතු සාමූහික වගකීම් කඩකිරීම සම්බන්ධයෙන් බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *