ආසනවත් රැකගන්න බැරි ලොක්කෝ

m
m

පළාත් පාලන ඡුන්දයේදී සිය ආසනයේ පරාජය වූ සිය ආසනය පරාජ වූ රජයේ මැතිඇමැතිවරුන් ගණනාවක් සිටින බව ප‍්‍රතිඵල අනුව තහවුරු වෙයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ආසන සංවිධායක ධුරය දරණ අත්තනගල්ල ආසනයේ මෙවර පරාජයට පත්වී ඇති අතර එය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන තිබේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨ අනුශාසිකාවක ද වෙයි. එසේම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක ආසන සංවිධායක ධුරය දරණ කලාවැව ආසනයද මෙවර පරාජයට පත් වී ඇත.

එක්සත් ජනතා නිදහස් ජනතා සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතාද සිය තංගල්ල ආසනය පරාජයට පත් වී තිබේ. එස්. බී. දිසානායක අමාත්‍යවරයා පහතහේවා හැට ආසනයෙන් පරාජයටපත් වී ඇති අතර විජත් විජයමුණි සොයිසා මෙවරද බිබිල ආසනය පරාජය වී ඇත. එසේම අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා දයාසිරි ජයසේකර යන ඇමැතිවරුන්ද තමන්ගේ ආසන අහිමි කරගෙන තිබේ.

ඩිලාන් පෙරේරාට මෙවර හාලි ඇල ආරක්ෂා කර ගැනීමට නොහැකි වී ඇති අතර මහරගම ආසනය ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයට මෙවර අහිමිවන්නේ ඉසුරු දේවප‍්‍රියගේ ආසන සංවිධායක ධුරය යටතේය.

එසේම මහින්ද සමරසිංහ මහතා පානදුර ආසනයෙන්ද පරාජය වී ඇත. වසර ගණනක් කඩුවෙල ආසනය කඩුවෙල නගර සභාවේ නගරාධිපති ධුරය දැරූ බුද්ධදාසටද සිය ආසනයද අහිමි වී තිබේ. එසේම සජිත් පේ‍්‍රමදස, මංගල සමරවීර, රාජිත සේනාරත්න, අජිත්. පී.පෙරේරා, සාගර රත්නායක, එරාන් වික‍්‍රමරත්න, හර්ෂ ද සිල්වා, එ්යාමාෂල් සරත් ෆොන්සේකා යන මැතිඇමැතිවරුන්ටද සිය ආසන ආරක්ෂා කර ගැනීමට හැකි වී නැත. එ් අනුව තිස්සමහාරාම, මාතර, බේරුවල, බණ්ඩාරගම, දෙනියාය, මොරටුව, කැලණිය, කොට්ටේ, කඩුවෙල යන ආසන මෙම මැතිඇමැතිවරුන්ගේ නායකත්වය යටතේ පරාජය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *