ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයීය 75 වන සංවත්සරය සැමරේ

19458049_1310747389023206_1527000099_nඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයීය 75 වන සංවත්සරය සැමරීමේ විශේෂ උත්සවයක් අද එම විද්‍යාලයේදී පැවැත්වේ. සංවිධායකයින් දන්වා සිටියේ මෙම සංවත්සර උත්සවය නව ආරකින් සැමරීම සදහා සැලසුම්කර ඇති බවයි.

ශ‍්‍රී ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර ශ‍්‍රීමතානන්ගේ නිදහස් අධ්‍යාපන සංකල්පය යටතේ බිහිවූ මුල්ම මධ්‍ය විද්‍යාල 54 තුළ ඉදිකළ 3 වන විද්‍යාලය ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයයි. 1942 සිට මේ දක්වා ලොව දසත විසිරී ඇති විවිධ ක්ෂේත්‍රවල නිපුණතා දක්වා ඇති සිසුන් 25000 ක් මෙම විද්‍යාලය මගින් බිහි කර තිබේ.

විද්‍යාලයේ 75 වන සංවත්සරය සමරන මෙම කාලය තුළ සියලු ආදී සිසුන් පාසලට එක්රැස් කීරීමේ අරමුණින් විශේෂ ආදි සිසු ක්‍රිඩා උලෙළක් ද සංවිධානය කර ඇත.

සාම්ප්‍රදායික ක්‍රිඩා උළෙලකට එහා ගිය නැවුම් උළෙලක් ලෙස මෙම උත්සවය සංවිධානය කර තිබීම විශේෂත්වයක් බව සංවත්සර උළෙලේ සංවිධායකයින් පවසයි.

පාසලෙන් බිහිවූ ප්‍රවීණ ක්‍රිඩා තරු වන ශ්‍රියානී කුලවංශ, චමරී අතපත්තු, උපුල් රාජපක්ෂ, පියුම් රෝහිනී පාදෙනිය ඇතුළු ආදි සිසුන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *