උරුමයට ආදරේ අයට- කාල

උරුමයට ආදරේ අයට- කාල
————————-
අපේ අතීත උරුමය වෙත මුල් ඇදුන මනසක් ඇති නිර්මාණකරුවන් ඉදහිට හෝ මතුවීම රටේ වාසනාවක්. ඒත් දැන් මේ ඊනියා සාමතෙල්කාරයන්ගේ බහුවාර්ගික බහු සංස්කෘතික භූමියක මෙවැනි නිර්මාණවලට ලැබිය යුතු ප්‍රචාරණ අනුග්‍රහය නොලැබීම මේ නිර්මාණකරුවන්ට මුහුණදීමට ඇති අවසනාවක්. භාෂණයේ ප්‍රකාශනයේ නිදහස උදෙසා පෙරමුණේම සිටි අය මේවට ජාතිවාදී ලේබල් ගසා නිර්මාණකරුවාගේ ගෙල ඉල්ලීම චිත්‍රපටය තිරගත වූ විට පටන් ගනු ඇත.එහෙත් අප ඔවුන් මෙවැනි නිර්මාණ තව තවත් බිහි කිරීමට ධෛර්ය සම්ප්‍රයුක්තව වැළඳගත යුතුය. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නේSujeewa Gunarathne යි. සමානනීය කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්වූ සුජීවගේ පළමු සිනමා ව්‍යායාමය මෙය වෙයි.

චිත්‍රපටයට පාදක වන්නේ ධාතුසේන රාජ්‍ය කාලයයි. ධාතුසේන රජු සොළීන් පරදවා රට එක්සේසත් කර පාලනය ගෙන ගිය කාලසීමාවේ කලා වැව නිර්මාණය කිරීම මෙන්ම ඊට පසුබිම් වු කරුණු මෙම චිත්‍රපයට පාදක වී තිබේ. කලාවැව නිර්මාණය වීම සහ කඩවර දෙවි උපත පිලිබඳ පවතින ජනප්‍රවාද මේ නිර්මාණයට පසුබිම් වී තිබෙයි. ධාතුසේන රජු වැවක් නිර්මාණය කිරීමට සුදුසු භුමියක් සොයමින් සිටින විට ඊට සුදුසු භුමියක් හමුවන්නේ රට වාසීන් විසින් අල්ලා ගන්නා ලද කැලෑ මිනිසෙකු මාර්ගයෙන්. වැව ඉදිවන අතර එමගින් රට සශ්‍රීක වීම නොරිස්සු පිරිස් කුමන්ත්‍රණ කර වැව බිඳ දැමීමට ගන්නේ දැඩි උත්සාහයක්. ඔවුන් උපක්‍රමශීලීව වැවේ උමගක් නිර්මාණය කරන අතර එය වසා දැමීමට උත්සාහ කරන කාල නම් දරුවා අකල් මරණයට පත් වන්නේ ජලය ගලායන උමග තුල සිරවීමෙන්. වැව බේරා ගැනීමට දිවි පිදු කාල වෙනුවෙන් සමස්ත රටම ශෝකයට පත් වෙනවා. පසුව පසු දැඩි නිගයක් පැමිණ වැව සිඳී යාමට ලක්වන්නේද කාලගේ මරණයට ශෝකය දක්වන ආකාරයෙන්. වැවට ජලය පිරවීම වෙනුවෙන් රට වැසියන් එක්වී පවත්වන වැසි පිරිත් සාජ්ඣායනයෙන් වැව යළිත් ජලයෙන් පිරී යනවා. කුමන්ත්‍රණකරුවන්ගේ උත්සාහය හමුවේ වැව් බැම්ම කැඩී යාමට ලක්වන අතර කැඩුණු වැවේ ජලය ගලායන කඩවරට පනින කාල ගේ පියා වන හීන් කුරුට්ටා ඉතිහාසයට එක් වන්නේ කඩවර දෙවියන් නමින්. කඩවර දෙවියන් කෘෂිකර්මාන්තයටත් වාපී කර්මාන්තයටත් අධිගෘහිතව වැඩ වාසය කරන බැව් පැවැසෙනවා. නුවරකලාවියේ, වන්නි හත්පත්තුවේ පුදපූජාවන්ට පාත්‍රව සිටින කඩවර දෙවියන් වාරි කර්මාන්තයට සිය ජීවිතයම කැපකළ අයෙකු ලෙස සැලකෙනවා. කලාවැව සෑදීමේ පුරෝගාමි මෙහෙවරක් කළ කෙනෙකු ලෙස මිනිසුන්ගේ බහුමානයට පත්‍ර වූ කඩවර දෙවියන් හා සබැදුණු කලා වැවේ කතාව ඉදිරියේ දී සිනමා තිරයේ ප්‍රක්ෂේපණය වීමට නියමිතයි. මෙරට සභ්‍යත්වය විඥානය හදුනා නොගත් සංස්කෘතික හීනමානකාරයන්ගේ බොරු විදග්ධ සිනමාවට වඩා ඔබ ඔබේ දරුවන්ට පෙන්විය යුත්තේ මෙවැනි නිර්මාණයි. විකල්ප පඩියන් සිනමා ශාලාවලින් එළවාදැමු රසිකයන් යළි සිනමා ශාලාතුළට රැගෙන ඒමට මෙවැනි නිර්මාණයන් සමත් වෙනු ඇති. ඉදිරියේ දී තිරගතවීමට නියමිත මේ චිත්‍රපටය
ඔබත් ඔබේ පවුලේ අය සමග නරඹන්න. අපේ උරුමයට කරන හැමෝම share කරලා මේකට ප්‍රචාරයක් ලබා දෙන්න.
.
රත්තනදෙණියේ මේධානන්ද හිමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *