එජාපය තනි ආණ්ඩුවක්

ටී.එන්.එ්. පූර්ණ සහය
ටී.එන්.එ්. ඇමැතිකම් එපා කියයි – පොරොන්දු වූ සාධාරණය ඉටු කරන්න ඉල්ලයි

TNA & UNP
TNA & UNP

 

 

එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ සිටින අනෙකුත් පක්ෂ හා එක්ව තනි ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. අරලියගහ මන්දිරයේ දී ඊයේ 12 සහ අද 13 පැවැති පක්ෂයේ මැතිඇමැතිවරුන්ගේ සාකච්ඡුාවන් අතරතුර මෙම තීරණයට එළැඹ ඇති බවද දැන ගන්නට ලැබී තිබේ.

ටී.එන්.එ් පක්ෂයේ සහයෝගය මේ සඳහා ලබා ගැනීමට සාකච්ජා කර ඇති අතර එම සාකච්ජා ඉතා සාර්ථක බවද පක්ෂ නායකත්වය දැනුවත්ව ඇති අතර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රවි කරුණානායක මහතා ටී.එන්.එ්. නායකයන් සමග මෙම සාකච්ජාවලට සහභාගි වී තිබේ. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් පිහිටුවීමට සහයෝගය ලබාදුන්නද ඇමැති ධුර භාර නොගන්නා බවද ටී.එන්.එ්. පක්ෂය සඳහන් කර ඇත. එ් වෙනුවට උතුරට සහ දෙමළ ජනතාවට සාධාරණය ඉටුකිරීමට යහපාලන රජය පිහිටුවන අවස්ථාවේ පොරොන්දු සාධාරණය ඉෂ්ට කරන ලෙස ඉල්ලා ඇති බව දැනගන්නට ලැබී තිබේ.

එක්සත් ජාතික පක්ෂය, ආණ්ඩුව එම පොරොන්දු ඉටු කිරීමට කැප වන බවද රවි කරුණානායක මහතා මාර්ගයෙන් ටී.එන්.එ්. පක්ෂය වෙත දැනුම්වත් කර ඇත. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පිහිටුවීමට සහය දීමට කැමැති පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ට පක්ෂවලට එක්සත් ජාතික පෙරමුණ ලෙස සහය ලබාදීමට අවස්ථාව ඇති බවද අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දන්වා තිබේ.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට නිල වශයෙන් අද දිනයේ යූ.එන්.පී යේ ස්ථාවරය දැනුම් දෙන බවද අගමැතිවරයා විසින් මැතිඇමැතිවරුන්ට දන්වා ඇත. අගමැතිවරයා විසින් කණ්ඩායම් වශයෙන් අරලියගහ මන්දිරයට කැදවූ පාර්ලිමේන්තු එක්සත් ජාතික පක්ෂ මැතිඇමැතිවරුන්ට මේ බව දන්වා ඇති අතර බහුතරයකගේ ඉල්ලීම වී ඇත්තේ එජාප තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *