එජාප මහ ලේකම් හරීන් ?

harin & Kabir
harin & Kabir

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පත් කිරීමට සැලසුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

වර්තමාන මහ ලේකම් කබීර් හසීම් මහතා පක්ෂයේ පසුපෙළ කණ්ඩායම් මෙහෙයවා ගැනීමට අසමත් වීම හා නායකත්වයට අවශ්‍ය ආකාරයට පක්ෂය මෙහෙයවමින් ඉදිරියට ගැනීම අසමත් වීමද මෙම තනතුරෙන් ඔහු ඉවත් කිරීමට හේතු වී ඇති බවට පැවසේ.

පළාත් පාලන ඡන්දයේදී එජාප පරාජ නිසා ඇති වූ අර්බුදය සමනය කිරීමට කටයුතු කරනු වෙනුවට පක්ෂ නායකත්වය ඉවත් කිරීමට සහාය දැක්වීමද කබීර් හසීම් මහතා පක්ෂ මහ ලේකම් තනතුරෙන් ඉවත් කිරීමට හේතු වී ඇති බවද දැන ගන්නට ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *