ගබ්සාව

ගබ්සාව…..

“අතවරයකට ගොදුරු විමෙන් කළල දරා සිටින ස්ත්‍රීන්ට” සහ “ජන්ම විකෘතිතා සහිත කළල දරා සිටින ස්ත්‍රීන්ට” පමණක් ගබ්සාවේ අයිතිය පවරාදීමට ලංකාවේ වෛද්‍යවරුන් පිරිසක් ඉදිරිපත් කර ඇති යෝජනාවට අදාළ අංශවල එකඟතාව පළ වී ඇති බව දැනගන්න ලැබුණා. ඒ වුණත් ගබ්සාව කිසිසේත්ම නීතිගත නොකළ යුතු බවට අදහසක් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කරලා තියෙනවා.

ඇත්ත…. උපදින්න ඉන්න ප්‍රාණියකුගේ දිවි තොරකිරීම එක් අතකින් පාපයක් හැටියට දකින්න පුළුවන්. ඒත් ඉහත හේතු දෙක මත උපදින දරුවන්ට අත්වන ඉරණම වගේම සාමාජයිය වශයෙන් එම කතුන් මුහුණදෙන තත්වය සැලකිල්ලට ගත්තාම ඒ කතුන්ට ගබ්සාවට අනුමැතිය දීමේ සාධාරණත්වයකුත් තියෙනවා. දැනටත් ( මා සොයාගත් පරිදි ) “1883 දණ්ඩ නීති සංග්‍රහයේ 303 වගන්තිය යටතේ දරුගැබ නිසා මවගේ ජීවිතය අවදානම් නම් විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුමැතිය ඇතිව ගබ්සාව නීතිගත”යි. එහෙත් නීතියෙන් තහනම් වුණත් දැනටත් ලංකාවේ ගබ්සා දිනකට විශාල ගණනක් සිදුවනවා. හොරෙන් කරන්න යන එම ගබ්සා නිසා මරණ පවා වාර්තාවනවා.

දෙවියන් මැවූ දේ මිනිසා වෙනස් නොකළ යුතුයි යන අදහසේ ඉඳන් බලනවානම් සංවර්ධන කටයුත්තක්වත් කරන්න බැරිවෙනවා. ඒනිසා තමන්ගේ ජීවිත ගැන තීරණය ගන්න අයිතිය මිනිස්සුන්ට දෙන්න ඕන.ප්‍රායෝගික ලෝකේ හොඳ දේ නෙමේ , හරි දේ තෝරාගතයුතු අවස්ථා තියෙනවා. ගබ්සාව පිළිබඳ කාරණාවත් එහෙම එකක්. පූජක පක්ෂය වටහා නොගන්නා දේ තමයි “ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් කල් පිළිතුර දාර්ශනිකයි” කියන එක…..

දර්ශන එරංග ( 2017 / 09 / 12 )

Image may contain: one or more people

Leave a Reply

Your email address will not be published. Required fields are marked *