ජනපතිට අගමැතිට සිතාසි

ලබන දෙසැම්බර්  4 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද(17දා)  ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයාට දැනුම් දුන්නේය.

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්කි දීමට රාජකාරීමය හේතූන් මත අද (17) අධිකරණයට පැමිණීමට හැකියාවක් නොමැති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහත්වරු නීතීඥවරයෙකු මාර්ගයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතාට අද (17) දැනුම් දුන්නේය.

ඒ අවස්ථාවේදී විනිසුරුවරයා මේබව දැනුම් දුන්නේය.

මෛත‍්‍රීපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ මහත්වරු අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළැයි චෝදනා කරමින් එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඒ බව දැනුම් දුන් අතර මෙම නඩුව යළි විභාග කෙරීම ලබන දෙසැම්බර් 04 දා දක්වා කල්දැමිණි.

Ranil-maithri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *