ජනපතිට කුකුළා කොටයි

ms
ms

පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂයක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වූ ශ‍්‍රී ලංකා කම්කරු කොංග‍්‍රසය ජනපතිට සහාය නොදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව තිබේ.

පොදුජන පෙරමුණ සමග එක්ව නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට එ් අනුව ශ‍්‍රී ලංකා කම්කරු කොංග‍්‍රසය තීරණය කර ඇති බව පැවසෙයි. හැටන් නගරයේ ඊයේ පැවති ලංකා කම්කරු කොංග‍්‍රසයේ ජය සැමරීමේ උත්සවයේදී පක්ෂයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතා සිය ස්ථිවරය පැහැදිලි කරමින් ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ හා මහින්ද රාජපක්ෂ සමග අත්වැල් බැඳ ගන්නා බව සිය පාක්ෂිකයන් හමුවේ ප‍්‍රකාශ කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *