නීතිය හා සාමය ලේකම් යයි… එදිරිමාන්න එයි… මුදල් ලේකම් ආචාර්ය සමරතුංගටත් මාරුවක්

1නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර මහතා හදිසියේ  ධීවර අමාත්‍යාංශය වෙත මාරුකර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

පුරප්පාඩු වන එම ධූරය සදහා දැනට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ධූරයේ සේවය කරන පද්මසිරි ජයමාන්න මහතා පත්කිරීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ. එහෙත් ජයමාන්න මහතා නීතිය හා සාමය අමාත්‍යාංශයට තම අකැමැත්ත පළකර ඇතැයි ද ජනාධිපතිවරයා මගින් එම මාරුව අවලංගු කරගැනීමට උත්සාහ ගනිමින් සිටින බවද එම ආරංච්මාර්ග තවදුරටත් සදහන් කරයි.

මෙම ලේකම් ධූරවලට අමතරව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සමරතුංග මහතා ඇතුළු තවත් ලේකම්වරු කීපදෙනෙකුගේද අමාත්‍යාංශ වෙනස්වීමට නියමිතව ඇතැයි පැවැසේ.

පසුගියදා ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ  පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහත නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත්කිරීමට නියමිත බවට පසුගියදා මාධ්‍ය වාර්තා පළවිය.

වීරකුමාර දිසානායක මහතාගේ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා විසින් නීතිය හා සාමය අමාත්‍යාංශයට නව ලේකම්වරයෙකු පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කළේය.

මේ පිළිබදව වැඩිදුර තොරතුරු විමසීමට අප එම ලේකම්වරුන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද එම උත්සාහයන් අසාර්ථක විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *