පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්නන ආණ්ඩුවක් හදන්න මෛත‍්‍රිගෙන් විවෘත ආරාධනයක්

1701285103Ranil-maithri

මන්ත‍්‍රීවරු නැවත වෙන්දේසියේ
යූ.එන්.පී අර්බුදය උග‍්‍ර වෙයි

පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වා ආණ්ඩුවක් පිහිටුවන ලෙස විවෘත ඉල්ලීමක් ඉදිරියේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් සිදුකිරීමට නියමිත බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පළාත් පාලන ආයතන සඳහා වූ ඡන්ද විමසීමේ ප‍්‍රතිඵලයට අනුව ජනාධිපතිවරයා විසින් මෙම තීරණයට එළැබ ඇති බවට දැන ගන්නට ලැබී තිබේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිඇමැතිවරුන් විසින් මෙම පරාජයේ වගකීම සම්පූර්ණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ක‍්‍රියාකලාපය නිසා රජයට අත් වූ බවත් එබැවින් ඉදිරියේදී පක්ෂය ආරක්ෂා කර ගැනීමට නම් එක්සත් ජාතික පක්ෂය විරෝධී ආණ්ඩුවක් සඳහා පෙළගැසිය යුතු බවද දන්වා තිබේ.

එසේ වුවද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීමට බලයක් නොමැති වීම නිසා ඉතා පරිස්සමින් ඉදිරි දේශපාලන තීන්දු තීරණ ගත යුතු බවද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුපෙළ ඇමැතිවරුන් විසින් ජනපතිට දැනුම් දී තිබේ. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එජාපයේ මැති ඇමැතිවරුන් සමග කළ සාකච්වජාකින් අනතුරුව ජනාධිපතිවරයා හමුවී ප‍්‍රකාශ කොට ඇත්තේ ඉදිරියටත් සම්මුතිවාදී ආණ්ඩුව තුළ එක්ව කටයුතු කිරීමට එජාපය කැමැති බවය.

එසේ වුවද ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා යූ.එන්.පී මැතිඇමැතිවරුන්ට සූදානමින් සිටින ලෙසද අගමැතිවරයා දන්වා ඇති අතර ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් සිදුකරන විවෘත අභියෝගය භාර ගනිමින් පාර්ලිමේන්තුවේ බහුතර කණ්ඩායමක් සමග ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ මෙහෙයුම ක‍්‍රියාත්මක කර ඇති බවද දැන ගන්නට ලැබී තිබේ. එ් අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් පක්ෂ සමග සාකච්ඡ ආරම්භ කර ඇති බවද එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *