පොලිතින් පිලිස්සුවොත් ලෙඩ ගොඩයි

පොලිතින් හා ප්ලාස්ටික් පිලිස්සීම හේතුවෙන් දරුණු රෝග රැසක් බාල වැඩිහිටි සැමට ඇතිවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය.

ඒ අනුව පොලිතින් හා ප්ලාස්ටික් පිලිස්සීම හේතුවෙන් පිළිකා, මළ දරු උපත්, දියවැඩියාව, ආඝාතය හා හෘදයාබාධ වැනි ආබාධ රැසක් ඇතිවෙන බව ඇය පෙන්වාදුන්නාය.

පොලිතීන් ප්ලාස්ටික් අඩු උෂ්ණත්ව යටතේ පිලිස්සීමෙන් අඩු බර දරු උපත්, පෙනහලු පිළිකා, ඇදුම ස්වසන ආබාධ රැසක් ඇතිවන බවත් වෛද්‍යවරිය පැවසුයේ පරිසර සහ මහවැලි අමාත්‍යාංශය බත්තරමුල්ල වොටස් ඒජ්හිදී සංවිධානය කර තිබු වැඩමුළුවකට පසුගිදා සහභාගී වෙමිනි.

ප්ලාස්ටික් හා පොලිතින් පිළිස්සීම හේතුවෙන් කාබන් ඩ‍යොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් සමඟ ඉතා විෂ සහිත පොලි ඇරොමැටික හයිඩ්රොකාබන් ඩයොක්සින් ෆියුරාන් ආදිය නිකුත් වන බවද ඒවා සියල්ල පිළිකා කාරක බවද පැවසු  වෛද්‍යවරිය වැඩිදුරයත් පැවසුයේ මෙම වායුන් හේතුවෙන් නොඉපදුණු දරුවන්ට, කුඩා දරුවන්ට, ගර්භනී මවුවරුන්ට හා වැඩිහිටි අයට මෙම රෝග වැළදමේ දැඩි අවධානමක් ඇති බවය.

පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය සැප්තැම්බර් 01 දා සිට තහනම් වන අතර පොලිතින් ප්ලාස්ටික් පිළිස්සීම තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණය ජනතාව වෙනුවෙන්  වැදගත් පියවරක් බවද වෛද්‍ය සුරවීර මහත්මිය වැඩිදුරයත් කීවේය.

1-5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *