පොහොට්ටුවට විශිෂ්ට ජයක්

පළාත් පාලන මැතිවරණයට පොදු ජන එක්සත් පෙරමුණට අතිවිශිෂ්ඨ ජයග‍්‍රහණයක් ගෙන තිබේ. පළාත් පාලන ආයතන 340 අතරින් 239ක බලය පොදු ජන එක්සත් පෙරමුණට හිමි වී ඇති අතර එක්සත් ජාතික පක්ෂය දෙවන තැනට පත්ව ඇති අතර ආයතන 42ක බලය එක්සත් ජාතික පක්ෂය හිමි කර ගෙන තිබේ.

ඉලෙන්ගෙයි චමිල් අරුසුකච්චි පක්ෂය විසින් පළාත් පාලන ආයතන 38ක බලය හිමි කරගෙන ඇති අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුක එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව ඇත්තේ ආයතන 7ක බලය පමණි.

Mahinda Rajapaksa
Mahinda Rajapaksa

සභිකයින් 8325ක් වෙනුවෙන් පැවති මෙවර පළාත් පාලන ඡුන්දයේදී ප‍්‍රකාශිත ඡුන්දවලින් හතළිස් නව ලක්ෂ හැට හයදාස් දෙසීය තුනක් ලබාගැනීමට පොදු ජන එක්සත් පෙරමුණ සමත් වී ඇති අතර එය ප‍්‍රකාශිත ඡුන්ද සංඛ්‍යාවෙන් 49.32ක් බව සඳහන් වෙයි. දිවයිනේ දිස්ත‍්‍රික්ක 25න් දිස්ත‍්‍රික්ක 19ක බලය හිමි කර ගැනීමට පොදු ජන එක්සත් පෙරමුණ සමත් වීමද විශේෂත්වයක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *