මහ මැතිවරණයක් අවශ්‍යයි – මහින්ද රාජපක්ෂ

MR
MR

පළාත් පාලන ඡන්ද ප‍්‍රතිඵලයට හිස නමා වහාම ආණ්ඩුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යා යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා සිටී.

පළාත් පාලන ඡුන්ද ප‍්‍රතිඵලය සමග රටේ ස්ථිවර දේශපාලන පදනමක් නැති බව හෙළි වී ඇතැයිද පෙන්වා දුන් හිටපු ජනාධිපතිවරයා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට පැහැදිලි ජනවරමක් සහිත කණ්ඩායමකට අවස්ථාව හිමිවිය යුතු බවද පෙන්වා දෙයි.

අද බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *