රනිල් නායකත්වයෙන් ඉවත් කළ යුතු බවට යෝජනා

ටී.එන්.එ් සමග ආණ්ඩු පිහිටුවන්නටත් සැලසුම්

ranil wickramasinghe problem
ranil wickramasinghe problem

එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජාතික පෙරමුණේ කැබිනට් ඇමැතිවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද අරලියගහ මන්දිරයේ පැවැත්වී ඇත.

එහිදී පළාත් පාලන ඡුන්දය පරාජය වීම සහ ඉදිරි පියවරයන් පිළිබඳව පක්ෂ අභ්‍යන්තර කතාබහක් සිදුව ඇති අතර අගමැතිවරයාගේ සහ බහුතර පිරිසකගේ අදහස වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව සහ එ් සඳහා ටී.එන්.එ්. පක්ෂයේ සහය ලබාගත යුතු බවයි.

එ් අතර පක්ෂයේ නායකත්වය පිළිබඳ දැඩි විරෝධතාවක් එල්ල වීමට පටන් ගැනීමත් සමග මෙම හමුව වඩාත් උණුසුම් වූ බව පක්ෂයේ ජේ්‍යෂ්ඨ අමාත්‍යවරයෙක් ලංකා ටයිම්ස් වෙත තොරතුරු අනාවරණය කළේය. එ් අනුව අගමැතිවරයා පක්ෂ නායකත්වයෙන් ඉවත් වීම සුදුසු බවට යෝජනා වී ඇති අතර පසුව අගමැතිවරයා විසින් පක්ෂයේ රාජ්‍ය හා පසුපෙළ මන්ත‍්‍රිවරුන් සමගද සාකච්ඡුා පැවැත්වීමට තීරණය කර තිබේ.

එහිදී ද හර්ෂ ද සිල්වා මහතා විසින් පක්ෂ නායකත්වය වෙනස් විය යුතු බව පෙන්වා දුන් අතර පක්ෂයේ චෝදනා ලැබූවන්ට ඉහලම දඬුවම් දිය යුතු බවද අවධාරණය කර තිබේ. වෙනම ආණ්ඩුවක් සෑදීම පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරුන් සහ පසුපෙළ මන්ත‍්‍රීන්ගේ සාකච්ඡුා වටයේදී සාකච්චා වූ අතර එහිදී ද යෝජනා වී ඇත්තේ ටී.එන්.එ්. පක්ෂය සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවන ලෙසයි.

පසුව ජනාධිපතිවරයා හමුවී විශේෂ සාකච්ඡුාවක් සඳහා අගමැතිවරයා සහභාගි වූ අතර එම සාකච්ඡුාව ජනාධිපති මලලසේකර මාවතේ ජනාධිපති මන්දිරයේදී මධ්‍යම රාත‍්‍රිය වන තෙක් පැවැති බවට තොරතුරු අනාවරණය වෙයි.

එම සාකච්ඡුාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් දෙදෙනෙක් සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජේ්‍යෂ්ඨ අමාත්‍යවරු දෙදෙනකුද සහභාගී වී ඇති බවට වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *