රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල 2017

2017 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ

 

වසරේ හොඳම නවකතාව – ගරුඬ මුහුර්තය

වසරේ හොඳම කෙටිකතාව –  මකර තොරණ

වසරේ හොඳම පද්‍ය සංග්‍රහය – සමහර කමටහන්

 

 

වසරේ හොදඳම ස්වතන්ත්‍ර නවකතාව ලෙස කීර්ති වැලිසරගේ විසින් රචිත %ගරුඬ මුහුර්තය^ නවකතාවත්, වසරේ හොඳම ස්වතන්ත්‍ර කෙටිකතාව ලෙස ප්‍රභාත් ජයසිංහ විසින් රචිත %මකර තොරණ^ කෙටිකතා සංග්‍රහයත් සම්මාන ලබමින් 2017 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය නිමාවට පත්විය.

 

1957 වර්ෂයේ ආරම්භ වූ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය මේවනවිට වසර 60 ක් අඛණ්ඩව පවත්වා ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර සාහිත්‍ය ප්‍රදානෝත්සවය පැවැත්වුණේ නෙළුම් පොකුණ රඟහලේදීය.

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා 2016 වසරේ ප්‍රකාශයට පත්ග්‍රන්ථ 1600 ක් පමණ සමීක්ෂණයට ලක්කර ඇති අතර, විනිශ්චය මණ්ඩලය ලෙස පුද්ගලයන් 160 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වී තිබේ.

සාහිත්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකළ සේවය අගයා ජීවිතයේ එක්වරක් පමණක් ප්‍රදානය කරනු ලබන සාහිත්‍යරත්න සම්මානය මෙවරද සිංහල, දමිළ, ඉංග්‍රීසි භාෂාවලින් සාහිත්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ මහාචාර්ය ආරිය රාජකරුණා මහතා, මහාචාර්ය ජීන් අරැසානායාගම් මහතා සහ නීර්වයි පොන්නයියම් මහතාවෙත පුදනු ලැබීය.(ආරිය රාජකරුණා මහතා අසනීප තත්ත්වයෙන් පසු වූ හෙයින් එම සම්මානය මහාචාර්ය පියසීලී විජේමාන්නමහත්මියවිසින්ලබාගන්නාලදී.) 2016 වසර තුළ වැඩිම පොත් සංඛ්‍යාවක් ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ඇස්. ගොඩගේ සමාගමද සම්මානයට පාත්‍ර වූ අතර, සිරිසුමන ගොඩගේ මහතා එම සම්මානය ලබාගන්නා ලදී.

 

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන බෙදී ගියේ මෙලෙසිනි.

 

ස්වතන්ත්‍ර නවකතා

ගරුඬ මුහුර්තය – කීර්ති වැලිසරගේ

 

ස්වතන්ත්‍ර කෙටිකතා

මකර තොරණ – ප්‍රභාත් ජයසිංහ

 

ස්වතන්ත්‍ර පද්‍ය

සමහර කමටහන් – ලක්ශාන්ත අතුකෝරල

 

ස්වතන්ත්‍ර ගීත රචනා කෘති

පිනිබර මලක් – කුලරත්න ආරියවංශ

 

යොවුන් සාහිත්‍ය කෘති

රාමා හා දිනූ – අනුල ද සිල්වා

 

ස්වතන්ත්‍ර නාට්‍ය

හඬ නිහඬ – ජයලත් මනෝරත්න

 

විද්‍යා සාහිත්‍ය කෘති

සැඟවුණු ලොවක හුදෙකලා ගවේෂණය – හසිනි භාග්‍යා රත්නායක

 

ළමා සාහිත්‍ය කෘති (පළමු වැනි කාණ්ඩය)

අවුරුදු කෑම – සිබිල් වෙත්තසිංහ

 

ළමා සාහිත්‍ය (දෙවැනි කාණ්ඩය)

මගේ ගුරුතුමා – තනුජා එන්.අයගම

 

ශාස්ත්‍රීය හා පර්යේෂණ

සංශයවාදී හාඥනයෙහි සීමා (බෞද්ධ දාර්ශනික විග්‍රහයක්) – දිල්හාන් මනෝජ් රාජපක්ෂ

 

විවිධ විෂයයික (සමාජ ශාස්ත්‍ර)

පොලිස් ඉතිහාසය හා ප්‍රජා පොලිස් සේවය – වික්ටර් පෙරේරා

 

විවිධ විෂයයික (මානව ශාස්ත්‍ර)

භාෂා විමංසා – පියසීලි විජේමාන්න

 

විවිධ විෂයයික (පරිවර්තන)

මගේ ජීවිත කතාව හෙවත් ( සත්‍යය සොයා කළ මගේ පර්යේෂණයන්හි කතාව) – ගයාත්‍රි මනෝහාරි හේරත්

 

පරිවර්තන ශාස්ත්‍රීය හා පර්යේෂණ

නිර්වාණය සහ ආවචත්‍යත්වය – ඩෙන්සිල් සේනාධීර (සම සම්මාන)

දැහැමි අශෝක (අශෝක අධිරාජ්‍යයාගේ නිසැක ජීවන චරිතය) – විමලසේන විතානපතිරණ (සම සම්මාන)

 

පරිවර්තිත නවකතා

නොමේරූ තරුණයෙක් (1,2,3 කාණ්ඩය) – ආනන්ද අමරසිරි

 

පරිවර්තන කෙටිකතා

වෙස්මුහුණු – චන්දන මෙන්ඩිස්

 

පරිවර්තන නාට්‍ය

ශ්‍රී හර්ෂදේව රචිත රත්නාවලී නාටිකා – වෝල්ටර් මාරසිංහ

 

හොඳම පිට කවර නිර්මාණය

නොනවතින දඩයම – ශාන්ත කේ. හේරත්

 

හොඳම නිමාවෙන් හා පිටු සැකැස්මෙන් යුත් නිර්මාණ ග්‍රන්ථය

සම්ප්‍රසාදන (මහාචාර්ය එම්.පී.කුලසේකර අභිනන්ද ශාස්ත්‍රීය සංග්‍රහය) – අරුණ ලොකුලියන

 

 

 

 

 

 

DSC_3221

 

DSC_3224 DSC_3246 DSC_3254 DSC_3285 DSC_3317 DSC_3329 DSC_3332 DSC_3336 DSC_3347 DSC_3350 DSC_3361 DSC_3368 DSC_3370 DSC_3375 DSC_3377 DSC_3382 DSC_3387 DSC_3390

Leave a Reply

Your email address will not be published. Required fields are marked *