විප්ලවවාදීහු බිල්ලන් මවමින් 2020 ගැන අඞා නොවැලපෙති

Professor-Sumanasiri-415x260සත්භාවවාදී විචාරයකින් පටන් ගනිමු. ප්‍රධාන චරිතාංග කිහිපයක් අදුනාගත හැකි යැයි සිතමි.
1. දේශපාලනයේ ප්‍රධාන තල දෙකෙන් -බහුජන දේශපාලනය සහ පාර්ලිමේන්තු දේශපාලනය- මෙම නිමේෂයේ දී වඞා ශක්තිමත්ව පවතින්නේ පාර්ලිමේන්තු දේශපාලන වසම යි. මා මෙම වසමට ඇතුල් කරන්නේ හුදු පාර්ලිමේන්තු ක්‍රියාකාරිත්වය පමණෙක් නොවේ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදි රාමුව හරහා බලය පිළිබද ගැටලුව විසදාගත හැකිය යන අදහසෙන් ක්‍රියාකරන හැම සංවිධානයන් සහ ව්‍යාපාරයන් මෙම රාමුවට වැටේ. ජනතා විමුක්ති පෙරමුන මෙන්ම බොහෝ සිවිල් සංවිධාන ද මෙම ගණයට වැටේ. බහුජන දේශපාලන වසම සාපේක්ෂව දුර්වල ය.
2. සමස්තයක් ලෙස සමාජ පහත මාලයේ බහුජන දේශපාලනය චලනයවීම දැකිය හැකි වුව ද එම චලනය තවමත් සිදු වන්නේ සෙමිනි. එහෙත් එම වසමෙහි හදිසි පිපිරීම් වලට ඇති විභවය අපි අත් දැක ඇත්තෙමු.
3. සමාජ පහත මාලයේ බහුජන දේශපාලනය එක් අතට ගමන් ගත්ත ද උතුරේ සහ දකුනේ එම බලවේගයන්හි සුසංධානයක් දැකිය නොහැකි ය. ඇත්නම් එය දුර්වල ය. මෙයට හරස්වන්නේ ජාතිකවාදයන් සහ පාර්ලිමේන්තු දේශපාලන වසමේ සාපේක්ෂ ශක්තිය ය.
4. බහුජන දේශපාලන වසම පදනම් කරගත් සහ එය තුළ විමුක්තිවාදී දේශපාලනයක් වෙනුවෙන් අඛන්ඞව ක්‍රියාත්මකවන මෙහෙයුම්කාරි පිරිස සමස්ත රට ගත්විට ඉතාමත් කුඞා ය. වැඞි ලන්සුවෙන් ගත්තත් 2500 ක් වගේ ගනනකි.
5. පුලුල් වශයෙන් ගත්විට සමාජයේ බහුතරය අවිඥාණිකව හෝ සවිඥාණිකව නවලිබරල්වාදී පාරිභෝගික සමාජයෙන් පිටස්තර විකල්පයක් ඇතැ යි යන්න ගැන සැක කරති. පොදුවේ මාධ්‍යය ක්‍රියාකරන්නේ එම අදහස පවත්වා ගැන්මට ය.

මෙම සත්භාවවාදී මොහොත ආරම්භය ලෙස සලකා ඇස්තමේන්තු කළොත් 2020 බිහිකරන්නේ පාර්ලිමේන්තුවාදි ප්‍රතිඵලයකැ යි යමෙක් ප්‍රක්ෂේපණය කළොත් එය නිවැරදි වීමට ඇති අවකාශය වැඞි ය. මෙහිදී එය මතු කරන්නේ කුමන නායකයෙක් ද යන්න මට කිසිසේත්ම ප්‍රධාන හෝ අදාල වන්නේ නැත.

උක්ත අංක 5 යටතේ මා සාරාංශ කළ සත්භාවවාදී විචාරය පූර්ණ එකක් නොවේ. යථාර්ථය අපෝහක ය. යථාර්ථය දෘඞ විය හැක. එය සාපේක්ෂ ස්ථාවරත්වයකින් යුතු ය. එමෙන්ම එය වෙනසට භාජනය විය හැකි වුව ද එයට ඔරොත්තුදීමේ ශක්තියෙන් ද යුක්ත ය. එහෙත් යථාර්තය වෙනස් වන්නකි. සත්භාවවාදී විචාරය පූර්ණ එකක් කිරීමට අපි එම පාර්ශවය ගැන ද හැරිය යුත්තෙමු.

1B. පාර්ලිමේන්තු දේශපාලනය සාපේක්ෂව ශක්තිමත් වුව ද බහුජන දේශපාලනය ක්‍රමයෙන් සක්‍රීය වන්නෙකි. 2016 අයවැය පාර්ලිමේන්තුව තුනෙන් දෙකක වැඞි ඡන්දයෙන් අනුමත කළ ද එහි වැදගත් යෝජනා සමහරෙක් ආපසු හැරවීමට බහුජන දේශපාලනයට හැකිවිය. ලංකා බැංකු සේවක සංගමය තනිව පෙන්වූ ශක්තිය පමණෙක් එයට ප්‍රමාණවතා විය.
2B. හම්බන්තොට ඉඞම් ප්‍රශ්ණය සම්බන්ධ හදිසි නැගිටීම, මුලතිව් ඉඞම් යලි අත්පත්කර ගැන්මේ නැගිටීම, දින 90ක ටෙලිකොම් මෑන්පවර් සටන, නොකඞවා පෙරටයන සයිටම් සටන.
3B. මුලතිව් ඉඞම් යලි අත්පත්කර ගැන්මේ නැගිටීම සදහා දකුණේ සහාය, අතුරුදහන්වූවන් පිලිබද කරුන උතුරේ සහ දකුනේ එම බලවේගයන්හි සුසංධානයකට අවකාශය පෙන්වයි.
5B. නවලිබරල්වාදී පාරිභෝගික සමාජය හරහා පෙෳද්ගලික අත්පත් කර ගැනීම් සහ ඉහලට යාම පිළිබද සීමා සමාජ පහතමාලය සහ මධ්‍යම පංතික කොටස් පසක් කර ගනිමින් සිටිති.

දැන් අපේ පෙර කළ ප්‍රක්ෂේපණය වේගය පිළිබද ප්‍රශ්ණයකට ලඝු වන්නේ ය. 2017- 2020 මෙම සත්භාවවාදී මොහොත වෙනස්වීමට ප්‍රමාණවත් ද? මෙතනදී අප නැවත හැරී බැලිය යුත්තේ දේශපාලන බල ග්‍රහ මංඞලය දෙස ය. එහි ලොකු ග්‍රහයෝ හතර දෙනෙක් වෙති. එජාප ය, ශ්‍රීලනිප ය, ඒකාබද්ධ විපක්ශය සහ දෙමල ජාතික සන්ධානය. දේශපාලන අර්බුදය සනිටුහන් කරමින් මෙම ග්‍රහයන් හතරදෙන අතර තරගය සහ හැප්පුමක් ඇත. ග්‍රහයන් ඇතුලත ගැටුම් එමට ය. මෙම ගැටුම් කුමන සංයෝජනයන් සහ සංකරනයන් නිර්මාණය කරන්නේ ද යන්න මෙම මොහතේ අපට වැදගත් නැත. දේශපාලන බල ග්‍රහ මංඞලය තුළ අප කුඞා තරුවකි. එහෙත් අප කරන වැඞ අපේ පමණට වඞා විශාල ය. මෙය පම්පෝරියක් නොවේ. 2500 කට කළ නොහැකි බොහෝ දෑ අපි කර ඇත්තෙමු. c

Leave a Reply

Your email address will not be published. Required fields are marked *