විශ‍්‍රාම වැටුප මුළුමනින්ම අහෝසි කිරීමට රජය සැරසේ

pensionරාජ්‍ය සේවකයින් සේවයෙන් විශ‍්‍රාම ගිය පසු ලබා දෙන විශ‍්‍රාම වැටුම සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට රජය කටයුතු කරමින් සිටින බව විශ‍්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය චෝදනා කරයි.

කම්කරු හා වෘත්තීය සබදතා රාජ්‍ය ඇමති රවීන්ද්‍ර සමරවීර විසින් මෑතකදී කල ප‍්‍රකාශයෙන් මේ බව හෙළිවන්නේ යයිද සංගමය කියයි.

රාජ්‍ය ඇමතිවරයා පසුගිය 06 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ රාජ්‍ය සේවකයින්ට විශ‍්‍රාම වැටුප වෙනුවට විශ‍්‍රාම යන අවස්ථාවේ එකවර කිසියම් මුදලක් ලබා දීමට අවධානය යොමුව ඇති බවයි.

එසේම 2016 අයවැය යෝජනාවලියේද විශාම වැටුප අහෝසි කර ඒ වෙනුවට දායකත්ව විශ‍්‍රාම වැටුපත් යෝජනා කර ඇතැයිද 2016 වසරේ සිට රාජ්‍ය සේවයට බදවා ගන්නා අයගේ පත්වීම් ලිපිවල විශ‍්‍රාම වැටුප සම්බන්ධයෙන් ඉදිරියේදී රජය ගන්නා ප‍්‍රතිපත්තියම තීරණවලට යටත් විය යුතු බව සදහන් කිරීමෙන් මෙම තත්වය වඩාත් පැහැදිලි වන්නේ යයිද සංගමය වැඩි දුරටත් පෙන්වා දෙයි. ලංකා සී නිව්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *