සිල් රෙදි නඩුව ගැන මහින්ද කතා කරයි – ලලිත් හා අනූෂ බලන්න යන බවත් කියයි

සිල් රෙදි නඩුවට සම්බන්ධව බන්ධනාගාරගතකරන ලද හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට මහත්වරුන් බැලීම සඳහා තමන් සඳුදා දිනයේදී  යන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (08දා) මහනුවරදී පැවසීය.

රාජ්‍ය නිලධාරීන් මේ ලෙස අත්අඩංගුවට ගැනීම නිසා රාජ්‍ය නිලධාරීන් සාධාරණ දෙයකට ආධාරයක් දීම නොකරනු ඇති බවද ඔහු කීය.

දින කිහිපයකට පෙර ජනාධිපතිවරයාසහ ආර්යාවද සිල් රෙදි බෙදාදෙනු තමන් දුටු බවත්, මේ විදිහට ගියහොත් ජනාධිපති ආර්යාවටද නඩු දැමිය හැකිඅතර, එය භයානක තත්ත්වයක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී කිය.

මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ මහනුවර බූවැලිකඩ ශ්‍රී වර්ධනාරාම විහාරාධිපති වල්ගොව්වාගොඩ පූජ්‍ය ශ්‍රී මේධංකර විමල බුද්ධි නාහිමියන්ගේ 76 වැනිජන්ම දිනය නිමිති කොට ගෙන ඉලුක්වත්තබුද්ධගයා මහා විහාරයේ පැවැති උත්සවයේදීය.

“එදා යුද්ධ සමයේ හිටපු හමුදාපතිවරයාට බෝම්බ වදිනකොට හාමුදුරුවරු බෝධි පූජා තිබ්බා.හමුදාව තුළ ඇතිවුණු ප්‍රශ්නයක් නිසා නඩු විමසා ඇතුළට දානකොට මාත් එක්ක හාමුදුරුවන් එකතු වෙලා අරගල කළා.

ප්‍රේමදාසද,ජේ.ආර් ජයවර්ධනද, මමද,සිරිසේන ජනාධිපතිද කියල ප්‍රශ්නයක් තිබ්බෙ නැ හාමුදුරුවන්ට.හාමුදුරුවො ඇත්ත කතා කරන්න කටයුතු කළා.

නමුත් අවසානයේ රූපවාහිනිය දිහා බලා ඉන්නකොට භික්ෂූන් වහන්සේලාට කතා කරන ආකාරය හා හාමුදුරුවන්ට අමතන ආකාරය දුටුවාම බෞද්ධයෙක්,ඔහුට නේද බෝධි පූජා පැවැත්වුවේ. ඔහු වෙනුවෙන් නේද හාමුදුරුවන් අරගල කළේ යැයි හිතෙනවා.

සිල් රෙදි බෙදුවයි කියල තමයි හාමුදුරුවනේ රාජ්‍ය සේවයේ හිටපු ඉහළම නිලධාරියාව අත්අඩංගුවට අරගෙන තියෙන්නෙ.රජයේ නිලධාරියෙකුට මේ තුළ ඇතිවෙලා තියෙන්නෙ සිල් රෙදි බෙදීමත් වරදක්නම් මැතිවරණ කාලයකදිවත් නැතුව රාජ්‍ය නිලධාරියෙක් රජය ගත් ප්‍රතිපත්ති තීන්දුවක් තමා මේ ක්‍රියාත්මක කරල තියෙන්නෙ.”

චමිල් රූපසිංහ/සෙනරත් බණ්ඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *