දේශපාලනයට එන්නේ නැහැ – චතුරිකා

දේශපාලනයට පැමිණීමේ අදහසක් නොමැති බව ජනාධිපති දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය පැවසුවාය.

තමා දේශපාලනය දකින්නේ වෙනස් ස්වරූපයකින් බවත් බල අරගල හෝ පක්ෂ දේශපාලනය ඒ තුළ නොමැති බවද ඇය පැවසුවාය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ චරිතාපදානය හෙවත් ජනාධිපති තාත්තා කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මේ  බව පවසා සිටියාය.

රටේ පළමුවැනි පුරවැසියාගේ දරුවො වුණ අපිට මග තොට යද්දි අපිව රැස්කරගෙන අපි වටා හිඳිමින් අපිට ලබා දෙන පිළිගැනීම් සියල්ල හෙට දිනයේ තාත්තගේ තනතුරු නැතිව යන දවසට ඒ සියල්ල නැතිවී යන බව මා හොඳින් දන්නවා. ඒ ගැන හොඳින් තේරම් ගත්ත කෙනෙකුයි මම.

ඒ වගේම මම මේවිදිහට වැඩකරද්දි බොහෝ අය මගෙන් නිතරම අහනවා චතුරිකා ඔයා දේශපාලනයට එනවද කියලා

මම ඉපදුනේ දේශපාලනය වෘත්තිය කරගත් පියකුගේ වැඩිමහල් දියණිය ලෙසයි. නමුත් මම දකින දේශපාලනය දේශපාලන ක්‍රියාවලිය පක්ෂ දේශපාලනය හෝ  පාර්ලිමේන්තුවේ කරන බල අරගල දේශපාලනය හෝ නෙවෙයි. මා දකින අදහන දේශපාලනය කියන්නේ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් සිදු කරන්නා වූ සේවයයි. මට හැකි පමණින් මා මියෙනතුරා මා ස්වෙච්ඡා සේවිකාවක ලෙස සිදු කරන්නා වූ සේවය සිදු කරනවා යනවා යැයි ද වැඩිදුරටත් පවසා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැති රනිල්වික්‍රමසිංහ මහත්වරන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම උත්සවය පැවැත්වුණි.

ඡායාරූප – ඒශාන් ප්‍රනාන්දු

_MG_5094 _MG_5177 DSC_4146 DSC_4177 DSC_4206 DSC_4221 DSC_4234 DSC_4237 DSC_4243 DSC_4251 DSC_4260 DSC_4267 DSC_4268 DSC_4272 DSC_4292 DSC_4309 DSC_4318 DSC_4319 DSC_4323 DSC_4325 DSC_4327 DSC_4343 DSC_4347 DSC_4361 DSC_4363 GLA_9451 ගොපල්ලව ප්‍රේමදාස විජේවීර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *