දේශපාලන තීන්දු ගැනීමට ඒකාබද්ධයෙන් කමිටුවක්

mahinda-rajapaksa

ඉදිරියේදී ගත යුතු දේශපාලන තීර්ණ ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කළ බව එ්කාබද්ධ විපක්ෂය පවසයි.

අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ දී රැුස්වුණු එ්කාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම විසින් මෙම තීරණය ගෙන තිබේ. සියලූම දේශපාලන පක්ෂ නියෝජනය වන ආකාරයෙන් මෙම කමිටුව පත් කර ඇති බවද එ්කාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලංකා ටයිම්ස් වෙත ප‍්‍රකාශ කළේය.

මහාචාර්ය ජී. එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, කුමාර වෙල්ගම, විමල් වීරවංශ, රාජා පොල්වුරේ ඇතුළු පිරිසක් හා සිවිල් සමාජ කි‍්‍රයාකාරිකයන් නියෝජනය කරමින් තවත් විද්වතුන් කිහිප දෙනෙක් මෙම කමිටුවට ඇතුළත්ව ඇති බව පැවසේ.

පත් කරන ලද කමිටුවේ තීරණය අවසන් තීරණය ලෙස ගෙන කටයුතු කිරීමට එ්කාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම එ්කමතිකව තීරණය කළ බවද ඉහත ප‍්‍රකාශකයා අප වෙත පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *